සකල කසළ අපගේ අලුත්ම නිර්මාණයයි. නගරයෙන් බැහැර කරන කසළ ගොඩක ජීවත් වෙමින් එය අවුස්සා ලැබෙන දෙයින් ජීවිකාව ගෙන යන පවුල් කිහිපයක් වටා මේ නාටකය ගොඩනැගී ඇත.
සසර කෙටි කර ගන්නා මාර්ග ඇතත් ඒ කෙරෙහි යොමු නොවී කුණු ගොඩක් බඳු ලෞකික සැප සම්පත් බලාපෙරොත්තු වන මිනිසාගේ ඛේදවාචකය, බෞද්ධ දර්ශනය පදනම් කර ගෙන මෙමගින් කියාපායි.
නොවැම්බර් මාසයේදී මංගල දර්ශනය පැවැත්වීමට යෝජිත මෙම නාටකය අනුර ද සිල්වාගේ අධ්‍යක්ෂණයකි.











