වර්තමානය වනවිට පවතින පහසුකම්

A.D.T.F ප්‍රධාන ශාලාව
(1) මෙය වර්ග අඩි 3860 කින් සමන්විතය. මෙහි නර්තනය පුහුණුවීමේ විශේෂ පහසුකමක් ලෙස බිම ලීවලින් සකසා ඇති අතර දිගුපස බිත්තිය පුරා කැඩපත් සවි කර ඇත.

(2) වර්ග අඩි 564 කින් සමන්විත ලී පොළව සහිත වෘත්තීය මට්ටමේ වේදිකාව.

(3) වෘත්තීය මට්ටමේ ශ්‍රව්‍ය / දෘශ්‍ය පද්ධතිය සහ විදුලි ආලෝකය.

(4) ආසන 300 ක් පමණ ඇතිරිය හැකි ප්‍රේක්ෂකාගාරයක් බවට පරිවර්තනය කරගත හැකිවීම.

(5) නේපත්‍යාගාරය සහ වැසිකිළි / කැසිකිළි පහසුකම්.

dance-theatre-academy
ආපන ශාලාව සහ සැමරැම් මධ්‍යස්ථානය
මේ විශේෂ කුටිය 2010 වසරේදී ගොඩනගන ලද අතර ආපන ශාලාව නොකඩවා පවත්වාගෙන යනු ලැබේ. සංචාරය කරන්නෙකුට ගිමන්හලක් ලෙසත් A.D.T.F වෙතින් මෙතෙක් බිහිවූ සියලු නිර්මාණ DVD මාධ්‍යයෙන් මිලදී ගැනීමටත් මෙහි පහසුකම් සලසා ඇත. A.D.T.F ලාංඡනය සහිත අභ්‍යාස පොත්, ටී ෂර්ට්, බෑග් සහ තවත් ත්‍යාග භාණ්ඩ සහ සිහිවටනවලින් ද මෙය සමන්විතය. ආපන ශාලාවේ සියලුම අදායම, වර්ෂ අවසානයේ පදනමේ සිසු සිසුවියන් හට වසර පුරා පැසැල් අධ්‍යාපනය සදහා අවශ්‍ය අභ්‍යාස පොත් හා කළමනා ලබාදීම වෙනුවෙන් බැර කෙරේ. 2011 සිට නොකඩවා එම කටයුත්ත කරගෙන යනු ලැබේ.
cafateria-gift-shop
පරිපාලන කාර්යාලය
භූමියේ පෙර තිබූ බංගලාව නවීකරණය කිරීමෙන් පසු එම ගොඩනැගිල්ල තුළ කාර්යාලය ස්ථාපිත කර ඇත. එයට අමතරව ඇඳුම් පැළඳුම් ගබඩාව, අමුත්තන්ගේ සහ පාලනාධිකාරියේ නවාතැන ලෙස මෙම ගොඩනැගිල්ල භාවිතා කෙරේ.
administration-office
නේවාසිකාගාරය
2011 වසරේදී ඉදි කළ මෙම ගොඩනැගිල්ල නිදන කාමර හතරකින් සමන්විතය. මෙය කාන්තා පිරිමි වශයෙන් වෙන් කර ඇත්තේ පොදු විසිත්ත කාමරයෙනි. කාමරවල තට්ටු ඇඳන් සවි කර ඇති අතර ප්‍රදේශයෙන් බැහැර සිට වැඩසටහන් සඳහා සහභාගීවන සිසු සිසුවියන්ට සියලු පහසුකම් මෙහි ඇත.
staff-accomodation
එළිමහන් රංගපීඨය
වර්ග අඩි 1250 කින් සමන්විත බිම සිමෙන්තියෙන් නිම කළ නිදහස් වේදිකාවකි. ආසන 800-1000 ක් පමණ ඇතිරිය හැකි මිදුලකින් සමන්විතයි.