සාමාජිකත්ව, ක්‍රියාත්මක වැඩසටහන් වපසරිය

වර්තමානය වනවිට පදනමේ සාමාජිකත්වය ලත් සංඛ්‍යාව 350 කට අධිකය. (ඔවුහු පහත සඳහන් වැඩසටහන්වලින් අඩු වශයෙන් එකකට හෝ ගණනාවකට සහභාගි වෙති.)

(1) නවක සහ යාවජීව සාමාජිකත්වය ලත් සිසුන් සඳහා පහතරට නර්තන පාඨමාලා.

(2) උඩරට නර්තන පාඨමාලාව.

(3) නවක සහ උසස් පෙළ හදාරන සිසුන් සඳහා ඉන්දියානු ශාස්ත්‍රීය නර්තන පාඨමාලා.

(4) සිවානන්ද ක්‍රමය යටතේ වැඩිහිටියන් උදෙසා යෝගා පන්ති.

(5) වයස අවුරුදු 05 – 12 අතර සහ අවුරුදු 12 – 20 ත් අතර සිසු සිසුවියන් විශේෂයෙන් ඉලක්ක කළ ඉංග්‍රීසි භාෂා පුහුණුව. (න්‍යායික/ප්‍රායෝගික).

(6) නාට්‍ය හා රංගකලා පාඨමාලාව.

(7) දෙමළ භාෂා පුහුණු පාඨමාලාව.

(8) කුසලතා සංවර්ධන සහ නායකත්ව ප්‍රගුණ කිරීමේ පාඨමාලා පැවැත්වීම.

(9) ප්‍රසිද්ධ දේශීය හා විදේශීය කලා ශිල්පීන් විසින් මෙහෙයවන විශේෂ වැඩමුඵ හා දේශන වරින්වර පැවැත්වීම.

පදනමට සම්බන්ධවිය හැක්කේ කෙසේ ද?

A.D.T.F පරිපාලන කාර්යාලයට පැමිණ අයැදුම්පත් ලබාගත යුතුය. සාමාජික ගාස්තුව රු.2000/= කි. (වාර්ෂිකව අලුත් කර ගත යුතුය) පාඨමාලා වලින් 80% කටම මෙමගින් නොමිලේ සහභාගී විය හැකිය. (කථක්, යෝගා, උඩරට නර්තන පාඨමාලා සදහා පමණක් මුදල් අය කෙරේ.)