Author: admin
දිරිය දරුවෝ කුසලතා සංවර්ධන හා නායකත්ව පුහුණු වැඩමුළුව
සැඟවුණු කුසලතාවයන් ඔප මට්ටම් කිරීමටත් නායකත්වය හා පෞරෂත්වය සංවර්ධනය කිරීම උදෙසාත් දිරිය දරුවෝ වැඩමුළු අධ්‍යක්ෂිකා ජානකී හිල් මහත්මිය විසින් නොමිලේ මෙහෙයවනු ලබන
දිරිය දරුවෝ වැඩමුළු මාලාවේ තවත් පියවරක් නවමු ලෙසින් අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිතය. බදවා ගැනීම සීමිතය. ඔබත් අදම අයදුම් කරන්න.
වෘත්තීය සංස්කෘතික කණ්ඩායම
උසස් අධ්‍යාපනය ලැබූ තරුණ කලා ශිල්පීන් හට අප රටේ වෘත්තීය තත්වයන් හිමිව නැත. අපමණ රැගුම් හැකියාවැති මේ තරුණ පෙළ කොහේ හෝ කාර්යාලයක පුටු රත් කරමින් සුසුම් ලන තත්වයකට පත්ව ඇත.
අනෙත් අතින් අපගේ පාරම්පරික කලා ශිල්ප විදේශිකයින්ට නැරඹීමේ ක්‍රමවත් අවස්ථාවක් අප රට තුළ දක්නට නොලැබේ. උක්ත කරුණුවලට කිසියම් පිළියමක් ලෙස A.D.T.F සංස්කෘතික කණ්ඩායම සැකසීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ සංචාරය කරන දේශ ගවේෂකයින්, සිසු සිසුවියන්, පර්යේෂකයින්, ඇතුළු සියලු සංචාරකයිනට මෙරට සම්ප්‍රදායික ජන රංග හා නර්තන අංග නිවැරදි ප්‍රමිතියෙන් යුතුව දැක බලා ගැනීමට සලස්වන මෙය ඔක්තෝබර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.
සකල කසළ දෘශ්‍ය කාව්‍යය
සකල කසළ අපගේ අලුත්ම නිර්මාණයයි. නගරයෙන් බැහැර කරන කසළ ගොඩක ජීවත් වෙමින් එය අවුස්සා ලැබෙන දෙයින් ජීවිකාව ගෙන යන පවුල් කිහිපයක් වටා මේ නාටකය ගොඩනැගී ඇත.
සසර කෙටි කර ගන්නා මාර්ග ඇතත් ඒ කෙරෙහි යොමු නොවී කුණු ගොඩක් බඳු ලෞකික සැප සම්පත් බලාපෙරොත්තු වන මිනිසාගේ ඛේදවාචකය, බෞද්ධ දර්ශනය පදනම් කර ගෙන මෙමගින් කියාපායි.
නොවැම්බර් මාසයේදී මංගල දර්ශනය පැවැත්වීමට යෝජිත මෙම නාටකය අනුර ද සිල්වාගේ අධ්‍යක්ෂණයකි.
















