වෘත්තීය සංස්කෘතික කණ්ඩායම

උසස් අධ්‍යාපනය ලැබූ තරුණ කලා ශිල්පීන් හට අප රටේ වෘත්තීය තත්වයන් හිමිව නැත. අපමණ රැගුම් හැකියාවැති මේ තරුණ පෙළ කොහේ හෝ කාර්යාලයක පුටු රත් කරමින් සුසුම් ලන තත්වයකට පත්ව ඇත.
අනෙත් අතින් අපගේ පාරම්පරික කලා ශිල්ප විදේශිකයින්ට නැරඹීමේ ක්‍රමවත් අවස්ථාවක් අප රට තුළ දක්නට නොලැබේ. උක්ත කරුණුවලට කිසියම් පිළියමක් ලෙස A.D.T.F සංස්කෘතික කණ්ඩායම සැකසීමට නියමිතයි.
ශ්‍රී ලංකාවේ සංචාරය කරන දේශ ගවේෂකයින්, සිසු සිසුවියන්, පර්යේෂකයින්, ඇතුළු සියලු සංචාරකයිනට මෙරට සම්ප්‍රදායික ජන රංග හා නර්තන අංග නිවැරදි ප්‍රමිතියෙන් යුතුව දැක බලා ගැනීමට සලස්වන මෙය ඔක්තෝබර් මාසයේදී ආරම්භ කිරීමට නියමිතය.